fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමානුපාතික ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසුම පැවැත්විය හැකිද බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:32

සමානුපාතික ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසුම පැවැත්විය හැකිද බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා ඡන්ද විමසුම පැවැත්වීමට හැකියාවක් පවතීද යන්න පිලිබදව විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති යොමුව විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින්.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිරද ආබෘෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගලය විනිසුරු මඩුල්ල ඉදිරියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති යොමු කිරීම ලබන 23 වනදා විභාග කිරීමට නියමිතයි. 2017 වසරේ පළාත් පාලන සංශෝධන පනත සම්මත කිරීමට පෙර පැවති මැතිවරණ නීතිය යටතේ පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට හැකි වන්නේද යන්න පිලිබද මෙහිදී සොයා බැලෙනු ඇති. මේ සම්බන්ධයෙන් සිය සාමාජිකයන් දැනුවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ යොමු කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සිදු කෙරෙන ලබන 23 වනදා නීතීඥවරුන්ට වාචික දේශන ඉදිරිපත් කළ හැකි වනවා. ලිඛිත දේශන ලබන 21 වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරයාගේ යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ලබන 30 වනදාට පෙර ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්