fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා නව ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 17:52

තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා නව ගිවිසුමක්

පසුගිය රජය ඛණිජ තෙල් සම්පත් සංවර්ධනය සදහා අවශ්‍ය ආයෝජන සිදු නොකල ද වත්මන් රජය ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යකබීර් හෂීම් මහතා පවසනවා. තෙල් හා ස්වභාවික වායු ගවේශනය සදහා වූ ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තෙල් සහ ස්වභාවික වායු ගවේෂනය සදහා ගුවන් ගත චුම්බක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතිය සදහායි බෙල්ජියෝ සමාගම සමග මෙම ගිවිසුම අත්සන් තැබුනේ. මන්නාරම ද්‍රෝණිය / යාපනය අර්ධද්වීපය සහ  වයඹ දිග කොටස  ආශ්‍රිත ස්වභාවික වායු ගවේෂණය සදහා මෙමගින් අවස්ථාව උදාවනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්