fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි කාන්තාවන්ට නොමිලේ ප‍්‍රවාහන සේවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 16:07

දිල්ලි කාන්තාවන්ට නොමිලේ ප‍්‍රවාහන සේවා

දිල්ලි කාන්තාවන්ට නොමිලේ ප‍්‍රවාහන සේවා ලබාදෙන බව ප‍්‍රාන්ත රජය ප‍්‍රකාශ කළා. ඒ ඔක්තෝබර් මස 29 වනදාට යෙදෙන රාඛි උත්සවය හේතුවෙන්.

එදිනට කාන්තාවන් සදහා බස්රථවල නොමිලේ ගමන් කිරිම සදහා පහසුකම් සපයා ඇති බවයි දිල්ලි ප‍්‍රවාහන සංස්ථාව සදහන් කළේ. ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ගේ උපදෙස් මත එය ක‍්‍රියාත්මකයි.

රාඛි උත්සවය එරට වාර්ෂිකව සිදුකෙරෙන සංස්කෘතිකාංගයක් ලෙසටයි සැලකෙන්නේ. එහිදී ගැහැණු දරුවන් සහ කාන්තාවන් සිය සහෝදරයෙකුට විශේෂ අත්පළදනාවක් පළදවමින් උපහාර දැක්වීම සිදුකරනු ලබනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්