රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය සාහී මොහොමුද් කුරේෂි දුරකථන සංවාදයක නිරත වුණා. ජම්මු කාශ්මීර ප්‍රදේශය මුල්කරගනිමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර හටගෙන ඇති අර්බුදකාරි තත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකර තිබෙනවා.
මතභේදාත්මක තත්වය හමුවේ දකුණු ආසියා කලාපයේ සබදතාවල වර්තමාන ගැටලු පිලිබදවද සාකච්ඡා කර ඇති බවයි පාකිස්ථාන වාර්තා සදහන් කළේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මස 4 වනදා රුසියාවේ සංචාරයකද නිරත වනවා.
එහිදී ද ඉන්දු පාකිස්ථාන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.