කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය මන්ඩතිව් ප්‍රදේශයේ නාවික හමුදා සෙබලුන් පිරිසක් සිදුකළ මුර සංචාරයකදී.
ඔහු සතුව තිබි හමුව ඇති කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 8 යි දශම හතක්. පාපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු පිලිබදව ඇතිවූ සැකය මත ඔහුව පරික්ෂා කළ බවයි නාවික හමුදාව සදහන් කළේ.
එම අවස්ථාවේදී කේරල ගංජා තොගය හමුවී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු තල්අඩි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉදිරි පරික්ෂණ කටයුතු සදහා ඔහු පලාලි පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.