ඉන්දීය ජෙට් යානා බිමහෙළු පාකිස්ථාන ගුවන් නියමුවන් දෙදෙනෙකුට උපහාර පිදීමට සැලසුම් කර තිබෙනවා.
පාකිස්ථාන ජනාධිපති අරීෆ් අල්විගේ අනුමැතියද ඊට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව වින්ග් කමාන්ඩර් නවුමාන් අලී සහ භට කණ්ඩායම් ප්‍රධානී හසන් මහමුද් සිද්දික්ට උපහාර ලබාදීමටයි තීරණය කර තිබෙන්නේ.
සම්මාන උලෙල ලබන වසරේදී පැවැත්වෙන බව පාකිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.