ප්‍රධාන ධාන්‍ය වර්ග ආනයනය සම්පුර්ණයෙන්ම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කලා.
ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ හුරුළුවැව ප්‍රදේශයේ සෝයා බෝංචි ගොවීන් සමඟ පැවති සාකච්ඡාවකදී.
ප්‍රධාන ධාන්‍ය වර්ග නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය උපරිම පහසුකම් සැපයීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.