fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම ජාතිකයක් එකම පාලන බලයක් සංකල්පය යථාර්ථයක් වී ඇතැයි ඉන්දීය අගමැති කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:02

එකම ජාතිකයක් එකම පාලන බලයක් සංකල්පය යථාර්ථයක් වී ඇතැයි ඉන්දීය අගමැති කියයි

එකම ජාතියක් සහ එකම පාලන බලයක් සංකල්පය යථාර්ථයක් වී ඇතැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කළා. ඒ ඉන්දියාවේ 73වන නිදහස් දිනය වෙනුවෙන් නවදිල්ලි ඓතිහාසික රතු බලකොටුව පරිශ‍්‍රයේ පැවති සැමරුම් උත්සවය අමතමින්.

නවින යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ සියයක මුදලක් ආයෝජනය කිරිමට ද සැළසුම් කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදි කියා සිටියේ. ඉදිරි වසර පහ ඇතුළතදී ඉන්දීය ආර්ථිකය වේගවත් වර්ධනයකට යොමු කිරිම ද සැළැස්මක්.

සාධක ගණනාවක් සැළකිල්ලට ගනිිමින් ලෝක බැංකුව සිදුකරන ව්‍යාපාරික වර්ගීකරණයේ ඉහළ අගයක් අත්කරගන්නා රටවල් 50 තුළට ඇතුළත් වීමද ඉන්දියාවේ අරමුණක් බවයි නිදහස් දින සැමරුම අමතමින් නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේ.

ඉන්දියාව එම දර්ශකය තුළ මේ වනවිට රැදී සිටින්නේ 77 වන ස්ථානයේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්