පැය 24කදී බීමත් රියදුරන් 82 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (14) පෙරවරු හයේ සිට අද (15) පෙරවරු හය දක්වා කාලයේදී .
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය ජූලි පස් වනදා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. එදින සිට අද (15) දක්වා අත්අඩංගුවට ගත් සමස්ථ බීමත් රියදුරන් සංඛ්‍යාව 8717ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.