රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ වව්නියාව මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින්. අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛතාව ලබාදුන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. වව්නියාව සහ වන්නි ප්‍රදේශයේ සංවර්ධනයට වත්මන් රජය ආරම්භ කළ කාර්ය භාරය තවදුරටත් ඉදිරියට ගෙන යන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=J7M8OXQdvyk&feature=youtu.be&fbclid=IwAR3u_Ux2KY8Wgq0yeVoBaoKwsYdoW_AvXRAvyumuK2KBx6zZ18Cntr9eGew”]
මැතිඇමතිවරුන් , විදෙස් තානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ නාග විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නල්ලූර් කෝවිල වෙත ද පැමිණියා. කෝවිලේ කුරුක්කල්තුමා අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී ආශිර්වාද පළකළා.