ඉන්දියාව 73 වන නිදහස් දිනය සමරයි
Related Articles
ඉන්දියාව 73 වන නිදහස් දිනය අද සමරනු ලබනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරට බලයට පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු නිදහස් දින සැමරුම මෙයයි. 73 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේ විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.