පුරාවස්තු ලබාගැනීම සඳහා කැණිම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ පොළොන්නරුව පොලිස් වසමේ උඩවෙල ප්රදේශයේදී.
පොළොන්නරුව දිසා වැටලීම් ඒකකයයි මෙහෙයුමට එක්වුණේ. කැණිම් සඳහා යොදාගත් උපකරණ තොගයක් ද හමු වී තිබෙනවා. සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්රකාශ කළා.