එවරස්ට් කන්ද තරණය කරන්නන් සඳහා නව නීති හදුන්වා දීමට නේපාලය තීරණය කළා. සිදුවන අනතුරු වැළැක්වීමයි අරමුණ.
මේ වසරේ පසුගිය මාස කිහිපයේ දී පමණක් 11 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබෙනවා. ඒ අනූව අත්දැකීම් සහිත පුද්ගලයන්ට පමණක් එවරස්ට් කන්ද තරණය කිරිම සඳහා අවස්ථාව ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සහතිකයක් ලබාගැනිමත් අනිවාර්ය කර තිබෙනවා.
නේපාලයේ ලොව විශාලතම කදුවැටි 08ක් පිහිටා තිබෙනවා. ඒවා විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ග ලෙසයි සැළකෙන්නේ. කෙසේ වෙතත් මේ වනවිට කදු නගින්නන් 381 දෙනෙකු සඳහා අවසර පත් නිකුත් කර ඇති බවයි නේපාල රජය සඳහන් කළේ.