ඉදිරි වසර පහ තුළ වන්නි දිස්ත්‍රික්කය සංවර්ධිත දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වව්නියාව දිස්ත්‍රික් රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකෙරුණු වව්නියාව දිස්ත්‍රික් රෝහලේ හදිසි අනතුරු ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙන්ම නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනිය ද එක්ව සිටියා. මේ අතර රෝහලේ හෘද හා වකුගඩු ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම ද සිදුවුණේ අග්‍රාමාත්‍යවරයාගේ අතින්. ඒ සදහා රුපියල් මිලියන 600 ක මුදලක් නෙදර්ලන්ත රජය පරිත්‍යාගකර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ තෙදින නිල සංචාරයක නිරතවන අතර සංචාරය අතරතුර සංවර්ධන වැඩසටහන් රැසක් විවෘත කිරීමට ද නියමිතයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/o6RWKQCslNo”]