fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වයඹ වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 17:47

වයඹ වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

වයඹ වෙරළ තීරයේ සිදුවන උග්‍ර වෙරළ ඛාදනය අවම කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනුයි එය ක්‍රියාවට නංවා ඇත්තේ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීම ඉහළ ගොස් තිබෙනවා. වයඹ වෙරළ තීරයේ හලාවත හා තොඩුවාව අතර කොටස උග්‍ර ඛාදනයකට ලක්වෙමින් පැවතුනා. එය මේ දිනවල තවදුරටත් ඉහළ යා හැකි බැවින් ගල් වැටි ඉදිකර ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මීටර් එක්දහස් තුන්සියයක් පමණ දිගින් යුත් වෙරළ ඛාදන ප්‍රදේශයේ ගල් වැටි 13 ක් ඉදිකෙරෙන්නේ වෙරළේ සිට මුහුද දෙසට මීටර් 40 ක් දිගින් යුක්තවයි. ඉන් ගල් වැටි අටක ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇති අතර සෙසු ගල් වැටි පහේ ඉදිකිරීම් ද කඩිනමින් අවසන් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්