fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංජිපානි සමග පාටි දැමූ බව කියන නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 17:25

කංජිපානි සමග පාටි දැමූ බව කියන නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබුණ පැමිණිල්ලක් විමර්ශනය සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ බවටයි මෙම පැමිණිල්ල ඉදිරිපත්වී ඇත්තේ. කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මාගල්කන්දේ සුදත්ත හිමියන් පොලිස් මූලස්ථානයට පැමිණිලිකර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කංජිපානි ඉම්රාන් සිය උපන්දිනය සමරා ඇති බවටත් පොලිස් නිලධාරීන් සමග සිනාසෙමින් කතාකරන වීඩියෝ පටයක් ද මෙම පැමිණිල්ල සමග ඉදිරිපත්කර තිබෙනවා. මේ අනුව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසටයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝගකර තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්