fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සහ සුළං අඩුවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 12:30

වැසි සහ සුළං අඩුවේ

පවත්නා වැසි සහ සුළං තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කඳුකර ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු වනවා.

මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන් වතු නිවාස පේළියක පවුල් 12ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. නෝවුඩ් නිව් වැලිවත්තේ නිවාස පේළියකට ඉහළින් වූ පස් කන්දක කොටසකුයි වතු නිවාස පේළිය මතට කඩා වැටුණේ. තවදුරටත් පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් පවුල් 12 ක පනස් නව දෙනෙකු නිව් වැලිගම දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර සහ සෙසු පහසුකම් වතු පාලනාධිකාරිය සහ නොවුඩ් ප්‍රාදේශීය සභාව මඟින් සැපයෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්