fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කළ ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස 5000ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 12:38

යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කළ ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස 5000ක්

යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචි කළ ජනතාව වෙනුවෙන් ස්ථිර නිවාස පන්දහසක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

යළි පදිංචි කළ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස පනස් දහසක් ඉදිකිරීම රජයේ සැලසුමයි. ඒ අනුව අදියර කිහිපයක් ඔස්සේ එම නිවාස ඉදිකිරීම් ආරම්භ කෙරුණා. වව්නියාව, මන්නාරම,යාපනය,කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික් ආවරණය වන පරිදි එම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මකයි. කඩිනම් වැඩපිළිවෙළක් යටතේ මෙම නිවාස ඉදිකෙරෙන්නේ එම ගම්මානවල යටිතල පහසුකම් සියල්ල ද සංවර්ධනය කෙරෙමින්. නව නිවාස පන්දහස ඉදිරි මාස තුන තුළ ඉදිකර අවසන් කිරීම රජයේ අරමුණ වන අතර මේ සදහා ඉන්දීය රජය මෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසක සහාය ලැබී තිබෙනනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්