fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොවපුරා සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 11:58

ලොවපුරා සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හය තුළ සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පසුගිය වසරේදී ලොව පුරා විවිධ රටවලින් සරම්ප රෝගීන් එක්ලක්ෂ විසිනවදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා. නමුත් ගත වූ මාස හය තුළ රෝගීන් තුන්ලක්ෂ හැටහතර දහසක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එන්නත් දෙකක් මඟින් රෝගය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකියි. මෙම රෝගයට ලබාදෙන එන්නත්වල මිල ගණන් අවම කිරීමටද  පියවර ගන්නා බවයි එම සංවිධානය පවසන්නේ. වැඩිම සරම්ප රෝගින් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2006 වසරේදීයි. ඇමෙරිකාවෙන් දැනට සරම්ප රෝගීන් එක්දහස් එකසිය හැට හතර දෙනෙකු වාර්තා වි තිබෙනවා. මෙම වසරේදී යුරෝපයෙන් වාර්තා වූ සරම්ප රෝගීන් සංඛ්‍යාව අනූ දහසකට ආසන්නයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්