නව විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකයන් පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ 23 වන ත්‍යාග ප්‍රධානෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍යතාන්ත්‍රික පුහුණුව අවසන් කළ ඩිප්ලෝමාධාරීන්ට සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන්ට සහතික සහ සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවුණා. අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් විශේෂ කුසලාන පිරිනැමුණු අතර එම අවස්ථාවට විදේශ කටයුතු අමාතය තිලක් මාරපන මහතා ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dTnPMO86djc&feature=youtu.be&fbclid=IwAR0GMW9NxBqTR-bhFGJY0RUPYHAS7ey0GqDAcwKYYXSSvE00X5X_9QKgDW0″]