ලබන වසර සඳහා නොමිලේ පෙළ පොත් බෙදා හැරීම අනිද්දා ආරම්භ කෙරෙනවා. පෙළපොත් ලබාදීම සඳහා පමණක් රජය මෙවර රුපියල් මිලියන 4,165 ක් වැයකර තිබෙනවා.
රජයේ සියලු පාසල් සිසු දරුවන්ට හා පිරිවෙන් භික්ෂූන් වහන්සේට පෙළපොත් ලබාදීම ලබන සිකුරාදා නිල වශයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පෙළපොත් ලබාදීමේ නිල උත්සවය එදින පස්වරුවේ පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන පිහිටි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දීයි.
මෙම වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සියලු පාසල් දරුවන් සඳහා පෙළපොත් ලබාදීම සහ ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබාදිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා. පෙළපොත් වර්ග 448 කින් පිටපත් මිලියන 43 ක් සිසුන් අතට පත් කිරීමට නියමිතයි. පිරිවෙන් භික්ෂූන් වහන්සේ සදහා පළමු ශ්‍රෙණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පොත් වර්ග 54 ක් පිරිනැමෙනවා.