fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 09:48

පකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි

පකිස්ථානය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. ඒ කාෂ්මීරයේ හටගෙන ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙමින්.

විශේෂ තත්වය ඉවත් කිරීමේ ඉන්දීය තීරණයත් සමඟ මතභේදාත්මක වාතාවරණයක් හටගත්තා. ඔවුන් අමතර බලකායක් ද එහි රඳවා තිබෙනවා. ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලිය යුතු බවයි පකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මහමුද් ලිපියක් යොමු කරමින් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ. බලය යොදා ගනිමින් කි‍්‍රයාත්මකවීම පිළිගත නොහැකි තත්වයක්. එසේ වුවහොත් පාකිස්ථානයට ද ප‍්‍රතිචාර දැක්වීමට සිදුවන බවයි එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේවෙතත් ආරක්ෂක මණ්ඩලයෙන් මෙතෙක් ඊට ප‍්‍රතිචාර හිමිවී නැහැ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්