fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා – නායයාමේ අවදානම තවමත්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 09:39

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා – නායයාමේ අවදානම තවමත්

ප‍්‍රදේශ රැසකට අදත් වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් ද ඊට අයත්. ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාහැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල තවමත් වැසි පවතිනවා. ස්ථාන රැසක නායයාමේ අවදානම් තත්වයක් හටගත්තා. හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට ද පස් කඳු කඩාවැටී ඇති බවයි අප වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.

කැළණි, කළු, ගිං සහ නිල්වලා ගංඟාවල තවමත් ඇතැම් ප‍්‍රදේශවල ජලය අවදානම් මට්ටමක පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. කැළණි ගඟ ආශි‍්‍රත නොර්වුඩ් ප‍්‍රදේශයේ ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔවුන් ඉල්ලීමක් කළා. කළු ගඟ ආශි‍්‍රතව රත්නපුර ප‍්‍රදේශයේ පවතින්නේ සුළු ගංවතුර තත්වයක්. ගිංගඟ ආශි‍්‍රත තවලම හා නිල්වලා ආශි‍්‍රතව පනාදුගම ප‍්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවියයුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නා.

නායයාමේ අනතුරු ඇඟවීම තවමත් වලංගු බවයි සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ. පොතුවිල් සිට හම්බන්තොට, කොළඹ, පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ති‍්‍රකුණාමලය දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්