ලොව විශාලතම සීමාමාලකය ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධිමහා විහාරස්ථාන පරිශ්‍රයේදී.
සාමනේර භික්ෂූන් වහන්සේ උපසම්පදා කිරීම උදෙසා මෙම ලොව විශාලතම සීමාමාලකය ඉදිකිරීම සිදුකෙරෙන්නේ ධානපතීන්ගේ සහාය ඇතිවයි. අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන, රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි යන ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙම කටයුතු ආරම්භ කෙරුණා. කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ,උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.