fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයෙන් අති නවීන S14 පළමු බලවේග කට්ටලය කොළඹ වරායට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:56

චීනයෙන් අති නවීන S14 පළමු බලවේග කට්ටලය කොළඹ වරායට

චීනයෙන් අති නවීන එස් 14 බලවේග කට්ටල නවයක් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ පළමු බලවේග කට්ටලය කොළඹ වරාය වෙත ගෙන ඒම අද සිදුකෙරුණා. සෙසු බලවේග කට්ටල ඉදිරි දින කිහිපයේදී මෙරටට රැගෙන ඒමට නියමිතයි.

උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග කට්ටලයක වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 10.3 ක්. එනම් රුපියල් මිලියන 1839 ක්. අති නවීන එස් 14 බලවේග කට්ටලයක් එන්ජින් දෙකකින් යුක්තයි. වායුසමනය කළ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ තුන්වන පන්තියේ මැදිරි තුනකින් මෙම දුම්රිය සමන්විතයි. බලවේග කට්ටලය පරීක්ෂණ ධාවනයට යොමු කිරීමෙන් පසුව උඩරට මාර්ගයේ ධාවනයට යොදවනු ඇති.  උඩරට දුම්රිය මාර්ගය  බෑවුම් සහ වංගු සහිතවීම හේතුවෙන් දිගු මැදිරි සහිත දුම්රිය හෝ බලවේග කට්ටල ධාවනය කිරීම අපහසු බැවින් දුම්රිය හිගයකට මුහුණදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. ඊට පිළියමක් වශයෙනුයි මෙලෙස බලවේග කට්ටල නවයක් චීනයෙන් ආනයනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්