fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යාමට තමන්ට හැකි බව ඇමති සජිත් කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:49

මේ රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යාමට තමන්ට හැකි බව ඇමති සජිත් කියයි

මේ රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යාමට තමන්ට හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආත්මාර්ථකාමී ඇතැම් පුද්ගලයන් තමන්ට පහර ගැසුවද ඉන් නොසැලී තම වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

කුරුණෑගල ඇහැටුවැව මහකත්නෝරුව ප්‍රදේශයේ ඉදිකළ ගජසුමිතුරුගම උදා ගම්මානය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරුනා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 25 කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 382 ක්. පානීය ජලය/ විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම ගම්මානය සමන්විතයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්