fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබේ ද? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය 30වනදාට පෙර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:09

පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබේ ද? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය 30වනදාට පෙර

පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබේ ද යන්න පිළිබඳ ජනාධිපතිතුමා සිදුකර ඇති මත විමසීමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දුන්නා. එම ලිඛිත දේශන ලබන 21 වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා මේ බව දැනුම් දී තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සීමානිර්ණය පිළිබඳ වාර්තාව ඉදිරිපත් වී නැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 එක වගන්තිය යටතේ ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකර ඇති බවයි. මීට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බව එම ලිපියේ සඳහන්.

එම ලිඛිත දේශන ලබන 21 වනදා දහවල් 12 ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ලේඛකාධිකාරිවරයා එම ලිපියේ දක්වා තිබෙනවා. ජනාධිපතිතුමා යොමුකර ඇති මෙම මත විමසීමට අදාළ විභාගය ලබන 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතයි. එහි තීරණය ලබන 30 වනදාට පෙර ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා යොමුකර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්