fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනා කොටස් වෙළෙදපොල සීඝ්‍රලෙස පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 15:32

ආජන්ටිනා කොටස් වෙළෙදපොල සීඝ්‍රලෙස පහත වැටෙයි

ආජන්ටිනා ප්‍රාථමික මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරට කොටස් වෙළෙදපොල සීඝ්‍රලෙස පහත වැටී තිබෙනවා.

පසුගියදා ප්‍රකාශයට පත්කළ ආජන්ටිනා ප්‍රාථමික මැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය දැඩි පරාජයට පත්වුණා. ආජන්ටිනා ජනාධිපති මව්රිසියෝ මැක්රිගේ කොන්සවේටිව් පක්ෂය දිනාගෙන ඇත්තේ 32.1%ක ඡන්ද ප්‍රතිශතයක්. ප්‍රතිවාදී වාමාංශික පක්ෂය 47.7%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත්තා. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමග එරට කොටස් වෙළෙදපොල 30%කින් ක්ෂණිකව පහත බැස තිබෙනවා. ආජන්ටිනා මුදල් ඒකකය ද ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 15:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්