fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම කඳුකරයට බලපා ඇති තද වැසි හේතුවෙන් රියදුරන්ට අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 14:37

මධ්‍යම කඳුකරයට බලපා ඇති තද වැසි හේතුවෙන් රියදුරන්ට අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තවමත් මීදුම් සහිත කාලගුණයක් පවතින බව අප වාර්තාකරුවන් ප‍්‍රකාශ කළා.

තද වර්ෂාව සහ තද සුලං ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව රථවාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව හැටන් පොලිසිය ප‍්‍රකාශ කළා. හැටන් කොළඹ මාර්ගයේ සහ හැටන් නුවරඑළිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ම දැඩි මීදුමෙන් වැසී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාර්ගයේ ඇතැම් ස්ථානවල ලිස්සන සුළු ස්වභාවයක් පවතිනවා. ඒ අනුව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්