පෙරහර සමය තුළ මහනුවර නගරයේ පරිසරය විනාශ කරන පෝස්ටර්
Related Articles
ඓතිහාසික දළදා පෙරහර පැවැත්වෙන මහනුවර නගරයේ පරිසරය විනාශ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පෝස්ටර් සහ කටවුට් විශාල වශයෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ පෙරහර සමය තුළ නගරය පිරිසිදුව තබා ගන්නා ලෙසට දළදා මාළිගාව කළ ඉල්ලීමද නොසළකා හරිමින්.
මහනුවර දළදා පෙරහර සමයේ නගරය පිරිසිදුව තබා ගන්නා ලෙසත් ඒ සඳහා කටවුට්, පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසත් දළදා මාළිගාව මහනුවර ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල පිරිසක් පෙරහර සමයේ මහනුවර නගරයට පැමිණීම හේතුවෙන්. ඒ අනුව සියලුම මාධ්‍ය ආයතන වෙළඳසැල් සිය ප්‍රචාරනයන් සියල්ලම නතර කර නගරය පිරිසිදුව තබා ගැනීම සදහා වගකීමෙන් යුතුව කටයුතු කර තිබුණා. නමුත් සිය මැතිවරණ ව්‍යාපාරය තුළ හැමවිටම පරිසර ආරක්ෂාවට මුල්තැන දෙන බවත් ඒ හරහා සියලු පක්ෂවලට ආදර්ශයක් සපයන බවත් පසුගියදා සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රතිඥාව මේ වන විට රට පුරා කඩ කර තිබීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුළද චෝදනා එල්ල වී තිබෙනවා.