fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං දේශය ආගාධයකට ඇඳ දැමීමෙන් වළකින ලෙස හොංකොං නායිකාව ජනතාවගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 14:40

හොංකොං දේශය ආගාධයකට ඇඳ දැමීමෙන් වළකින ලෙස හොංකොං නායිකාව ජනතාවගෙන් ඉල්ලයි

හොංකොං දේශය ආගාධයකට ඇඳ දැමීමෙන් වළකින ලෙස හොංකොං නායිකාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනි කැරී ලැම් ජනතාව අමතමින් මේ බව ප්‍රකාශ කළා. උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං දේශය අස්ථාවර වී ඇති බවයි ඇය පවසන්නේ. සති දහයක පමණ කාලයක පටන් හොංකොං දේශයේ විරෝධතා පැවැත්වෙනවා. ඔවුන් පළමුවෙන්ම විරෝධතා ආරම්භ කළේ උදර්පන නීතියට විරුද්ධවයි. එහෙත් උදර්පන නීතිය බලධාරීන් හකුලා ගැනීමෙන් අනතුරුවත් උදේඝෝෂනකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්. උද්ඝෝෂණ හේතුවෙන් වසා දමා තිබූ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වැඩකටයුතු නැවතත් ආරම්භ කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්