fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කළුතර ජනරජ නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට කඩිනම් විසඳුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 13:28

උතුරු කළුතර ජනරජ නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට කඩිනම් විසඳුම්

උතුරු කළුතර ජනරජ නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. රාජ්‍ය නොවන සංවිධායක් මගින් ඉදිකළ මෙම නිවාස යෝජනා ක්‍රමය දැඩි අබලන් තත්ත්වයකට පත්ව ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ.

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු කළුතර ප්‍රදේශයේ මෙම ජනරජ නිවාස යෝජනා ක්‍රමය ඉදිකර තිබෙනවා. සුනාමි ව්‍යවසනයෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙනුයි මෙම නිවාස ඉදිකෙරුණේ. නිසි ප්‍රමිතියකින් තොරව මෙම නිවාස ඉදි නොකිරීම හේතුවෙන් එහි පදිංචිව සිටින පවුල් 67 කට අයත් සාමාජිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මහල් තුනකින් යුත් මෙම නිවාස යෝජනා ක්‍රමය ඉරිතැලීමට ලක්ව ඇති අතර අභ්‍යන්තරව පිහිටි ජල මාර්ග පද්ධතිද පුපුරායාම හේතුවෙන් බිත්ති කඩා වැටීමේ අවදානමක්ද මතුව තිබෙනවා. විදුලි පද්ධතියට ජලය එකතුවීම හේතුවෙන් බරපතල ගැටලු මතුව ඇති බවයි පදිංචිකරුවන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය පිළිබද සොයා බැලීමට එම ස්ථානයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එම ජනතාව සමග සාකච්ඡා කර කඩිනමින් විසදුම් ලබාදෙන බවටද පොරොන්දු වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්