ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම් දෙකම මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්රිඩාංගනයේදී සිය අවසන් පුහුණුවීම් කටයුතු වල නිරත වී සිටිනවා. නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසන්නේ පළමු ටෙස්ට් තරඟයේ දී දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතිල්ලක් අපේක්ෂා කළ හැකි බවයි. ඒ හේතුවෙන් දගපන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් හෙට තරගයේදී ක්‍රිඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ඔහු පැවසුවා.
නවසීලන්ත නායක කේන් විලියම්සන්ද අදහස් දක්වමින් කියාසිටියේ තම කණ්ඩායමේ අවසන් සංයුතිය හෙට තරගයේදී යොදා ගන්නා අවසන් තණ තීරුව පරික්ෂා කිරිමෙන් අනතුරුව තීරණය කරන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සංචිතයේ වෙනසක් සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.