මුහුදේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. දෙව්න්දර තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනෙකුයි මෙසේ බේරාගෙන ඇත්තේ.
තලල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයන් පිරිසක් අතර සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබෙනවා. එහිදී දෙව්න්දර දේවාල මංගල්‍යයට සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයේ සාමාජිකයන් කඩිනමින් මෙම විදේශිකයන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වුණා. ඔවුන් 28 හැවිරිදි සහ 47 හැවිරිදි වියෙහි පසුවන රුසියා ජාතිකයන්.
මේ අතර නාවික හමුදාව හා පොලීසිය එක්ව යාපනය පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ ඊයේ කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමඟ එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ කේරළ ගංජා තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඉලවාලේ පොලීසිය මඟින් සිදු කරනවා. කීරමලේ ප්‍රදේශයේදී ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 84 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.