fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉබෝලාට එරෙහි ඖෂධ අත්හදාබැලීම් සාර්ථක වන ලකුණු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 11:33

ඉබෝලාට එරෙහි ඖෂධ අත්හදාබැලීම් සාර්ථක වන ලකුණු

ලෝකයේ දරුණුතම වෛරසය ලෙස සැළකෙන ඉබෝලා වසංගතය සඳහා අත්හදා බැලූ ඖෂධ වර්ග 04 න් 02 ක් 90% ක් සාර්ථක වී තිබෙනවා. ඉබෝලා වසංගතයෙන් පුද්ගලයින් එකලොස් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම වෛරසය සඳහා නිපදවූ ඖෂධය කොංගෝ රාජ්‍යයට බෙදා හැරීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්‍යාඥයින් එක්වයි මෙම ඖෂධය අත්හදා බලා ඇත්තේ. සියරා ලියෝන්,ලයිබීරියාව , ගිනියාව සහ කොංගෝ  රාජ්‍යයේ වැඩිවශයෙන් ඉබෝලා ආසාදිතයන් වාර්තා වනවා. ස්පර්ශයෙන් සහ ශ්‍රාවයන් මඟින් ඉබෝලා වසංගතය සීග්‍රයෙන් පැතිරයන බවටයි හෙලි වී තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්