ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද දිනයේ රැස්වීමට නියමිතයි.
සෑම මසකම 10 වනදා ඉන්ධන මිල සූත්‍ර කමිටුව රැස් වී ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. පසුගිය 10 වනදා රජයේ නිවාඩු දිනයක් බැවින් එම කමිටුව රැස් නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව ඊයේ දිනයේද රජයේ නිවාඩු දිනයක් යෙදී තිබූ බැවින් ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වන බවයි මුදල් අමාත්‍යාංශය කියා සිටියේ. පසුගිය මාසයේ රැස් වූ මෙම කමිටුව ඉන්ධන මිල පහත දැමීමට තීරණය කළා.