fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2028 ඔලිම්පික් තරගාවලියට ක‍්‍රිකට් ඇතුළත් කිරිමේ මුලික වැඩසටහන් ඇරඹේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:11

2028 ඔලිම්පික් තරගාවලියට ක‍්‍රිකට් ඇතුළත් කිරිමේ මුලික වැඩසටහන් ඇරඹේ

2028 වසරේදී ලෝස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රිඩාව ඇතුළත් කිරිම සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

එම්සීසී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති මයික් ගාටින් සදහන් කර ඇත්තේ අයිසීසී ප්‍රධාන විධායක නිළධාරි මනූ සවිහ්නී ලෝඩ්ස්හීදී පැවති කමිටු රැස්වීමට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් සුබවාදි අදහස් ප්‍රකාශ කළ බවයි. ක්‍රිකට් ක්‍රිඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කරගැනිමට හැකි වුවහොත් එය එමක්‍රිඩාවට විශාල ශක්තියක් වනු ඇති බවයි මයික් ගාටින් වැඩිදුරටත් පවසා සිටියේ. 2022 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල සදහා කාන්තා ක්‍රිකට් තරගාවලියක් ඇතුලත් කිරිමට මේ වන විටත් ජගත් ක්‍රිකට් කවුන්සිලය කටයුතු කරමින් සිටිනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්