දුම්රිය සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
අදියර හතරක් ඔස්සේ එය ක්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ සඳහා මඟීන් හුරුවන තුරු සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ලබාදිම සිදුවනවා. දුම්රිය සේවයේ නවීකරණ වැඩසටහන් ගණනාවක් ආරම්භ වුණා. මරදාන සිට නුගේගොඩ දක්වා කණු මතින් විදුලි දුම්රියක් ධාවනයට යෙදීමත් ඊට අයත්. එහි ඉදිකිරිම් ද මේ වසරේ ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ. මඟී තදබදය අවම කිරිමටත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මරදාන සහ කොටුව අතර පිහිටි දුම්රිය මාර්ග සංඛ්‍යාව අට දක්වා ඉහළ නැංවීමටත් සැළසුම් කර තිබෙනවා. පොල්ගහවෙල කුරුණෑගල මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක්‍රමයක් හදුන්වාදෙන බවත් සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා.