fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන කලාශිල්පී දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:01

ප්‍රවීන කලාශිල්පී දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ප්‍රවීන කලාශිල්පී දයා විමලවීර මහතා අභාවප්‍රාප්ත වුනා. කැමරාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය හා තිරරචනය යන සෑම ක්ෂේත්‍රයකින්ම ඔහු දැක්වූයේ ඉමහත් දක්ෂතාවක්.

ටික කලක් රෝගාතුරව සිටි දයා විමලවීර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට 81 වන වියෙහි පසු වුණා. සිංහල සිනමාව බිහි කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නිරත වූ සිරිසේන විමලවීරයන්ගේ පුත්‍රයා වූ දයා විමලවීරගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ 1972 වසරේ තිරගත වූ වීදුරු ගෙවල් චිත්‍රපටයයි. ඉන් අනතුරුව ජීවන කදුළු, මිහිදුම් සිහින, ඡායා, රජ දරුවෝ, සුජාතා, ඹබසර බිසව් ආදී චිත්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කළා. ඒ සෑම චිත්‍රපටයකම කැමරා අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහු වීම විශේෂත්වයක්.   සිය පියා අධ්‍යක්ෂණය කළ රොඩී කෙල්ල චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූයේද දයා විමලවීරයි. පටාචාරා, සිකුරුලියා, හරිම බඩු තුනක්, මිරිගුව ආදී චිත්‍රපට රැසකටද ඔහු ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස දායක වුණා. අභාවප්‍රාප්ත දයා විමලවීරයන්ගේ දේහය දෙහිවල කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ 154 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු නැදිමාල පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්