fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින සුළං තත්ත්වය ඉදිරියටත්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:04

පවතින සුළං තත්ත්වය ඉදිරියටත්

පවතින සුළං තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණූ පළාතේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල්දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගයද පැයට කිලෝමීටර් 70 – 80 ද්කවා ක්ෂණිකව ඉහළ යා හැකියි. මුහුද ඉතා රළුවන බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මාතර දිස්ත්‍රික්කයේ පසුගිය  දින කිහිපයේ ඇති වූ දැඩි සුළං හා වැසි හේතුවෙන් නිවාසවලට හානි සිදු වුණා. දෙයියන්දර නෙරළංපිටිය මාර්ගයේ විදුලි රැහැන් මත ගස් කඩාවැටීම හේතුවෙන් දින දෙකක් පුරා ප්‍රදේශයේ විදුලිබලය ඇණ හිට තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්