fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර පුපුරැස්ස නව පොලිස්ථානය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 18:46

මහනුවර පුපුරැස්ස නව පොලිස්ථානය විවෘත කෙරේ

නව පොලිස්ථාන පිහිටුවීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව මහනුවර පුපුරැස්ස නව පොලිස්ථානය අද විවෘත කෙරුණා. දිවයිනේ 493 වන පොලිස්ථානය ලෙසයි මෙය විවෘත කෙරුණේ.

මහනුවර පුපුරැස්ස ප්‍රදේශයේ ඉදිකළ නව පොලිස්ථානය විවෘත කෙරුණේ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් හා හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නව පොලිස්ථානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 150ක්. පොලිස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ජන හමුවක් ද පැවැත්වුණා.

මේ අතර මහනුවර පේරාදෙණිය පොලිස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ද සිදුකෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 31ක්. පාලන අංශයක්, ස්ථානාධිපති නිල කාමරයක්, අවි ගබඩාවක් ඇතුලු පහසුකම්වලින් පරිපාලන ගොඩනැගිල්ල සමන්විතයි. අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්