fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද නීතියේ ආධිපත්‍ය සුරකිනු ඇති බවට කෙසේ විශ්වාස කළ හැකිද ?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 18:27

මහින්ද නීතියේ ආධිපත්‍ය සුරකිනු ඇති බවට කෙසේ විශ්වාස කළ හැකිද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ නීතියේ ආධිපත්‍යය සුරකිනු ඇති බවට කෙසේ විශ්වාස කළ හැකිදැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය දරන බවයි. ඒ අතරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් තම සහෝදරයන් හා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඊයේ එහි නායකත්වයට පත්වූ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ. චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවෙකුව සිටින ඇමෙරිකා පුරවැසි, තම සහෝදරයාව නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටේ නීතියට පටහැනිව ජනතාව නොමග යවමින් නම් කිරීමට ද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශාපලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂ තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කරන බවද කබීර් හෂීම් මහතා කියා සිටිනවා. මාතෘ භූමියට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු තම පක්ෂය ඉදිරිපත් කරන බවයි ඒ මහතා නිකුත් කරන නිවේදනයේ දැක්වෙන්නේ. එම අපේක්ෂකයා කිසිවිටකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවෙකු නොවනු ඇත. රටේ සියලු පුරවැසියන්ට එකසේ ගරු කරන සියලු ආගම් හා ජාතීන් පිළිගන්නා නායකයෙකු ඒ සඳහා පත්කරගන්නා බවද කබීර් හෂීම් මහතා කියා සිටිනවා. ඔහු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු වනු ඇත. සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි දුප්පතාගේ දුක හදුනන උගත් පුද්ගලයෙකු වන බවද ඒ මහතා කියා සිටිනවා.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරන්නේ රාජපක්ෂවරුන් නියෝජනය කරන්නේ මැරබලය, දූෂණය, රැවටීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් මෙන්ම ස්වාධීන ආයතන කෙරෙහි රොද බැඳගත් වෛරය බවයි.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් ඔවුන්වෙත  ලිබරල් ඡන්ද සහ සුළු ජාතික ඡන්ද තවදුරටත්  දුරස්වන බව බවද මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. ටර්මිනේටර් කෙනෙකු තෝරාගැනීමෙන් මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන්, විනිසුරුවරුන් මෙන්ම රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති පණිවුඩය වන්නේ තමන්වෙත හරස් කැපුවහොත් අවසානය අත ලඟ බවයි. රටේ මීළඟ ජනාධිපතිවරයා වන්නේ ගොඨාභය රාජපක්ෂ හෝ වෙනත්  රාජපක්ෂ  කෙනෙකු නොවන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. මීලඟ ජනාධිපතිවරයා වන්නේ මෙරටේ ඉපදී හැදී වැඩී මෙරට අතහැර නොගොස් මෙහිම ජීවත් වූ තවත් රටකට පක්ෂපාතී බවට දිවුරුම් නොදුන් අයෙකු බවද අමාත්‍යවරයගේ නිවේදනයේ සඳහන්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්