fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මුහුදු ප්‍රදේශයේ අද අලුයම වැටලීම් දෙකක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 15:31

උතුරු මුහුදු ප්‍රදේශයේ අද අලුයම වැටලීම් දෙකක්

නාවික හමුදාව උතුරු මුහුදු ප්‍රදේශයේ අද අලුයම වැටලීම් දෙකක් සිදුකළා. එහිදී බීඩිකොළ කිලෝග්‍රෑම් 461යි ග්‍රෑම් 700ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 900ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කංකසන්තුරය කීරමලය ප්‍ර දේශයේදීයි කේරල ගංජා අත්අඩංගුවට ගැනීම සිදු කළේ. එහි වටිනාකම රුපියල් මිලියන 25 කට ආසන්න වනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද නාවික හමුදාව සමඟ මෙම වැටලීමට එක්වුණා. කේරල ගංජා සමඟ සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.

මේ අතර නාවික හමුදාව මන්නාරම ඕළු තුඩුවායි වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩි කොළ අත්අඩංගුවට ගැනුණේ. පාර්සල් 9 ක එම බීඩිකොළ බහා තිබුණා. ඒවා ඉදිරි විමර්ශන සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කළා. මේ වසර තුලදී නාවික හමුදාව බීඩි කොළ කිලොග්‍රෑම් විසි අටදහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්