පුත්තලම, කල්පිටිය ප්රදේශයේ බහුලව සැරිසරන බූරුවන් මේ වන විට වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින බව වාර්තා වනවා.
කල්පිටිය පුත්තලම යන ප්රදේශවලට ආවේණික සත්ව විශේෂයක් ලෙස බූරුවන් හැඳින්විය හැකිය. මෙම සත්වයන් යොදා ගනිමින් බඩු බාහිරාදිය තවලම් මාර්ගයෙන් රැගෙන ගිය ආකාරයද ඉතිහාස සටහන්වල දැක්වෙනවා. බූරුවාගේ නාදයේ ඇති විශේෂත්වය හේතුවෙන් පොල් වගාවට හානි කරන පොල් කුරුමිණියන් විනාශ කිරීම සඳහා බූරුවන් බහුලව යොදා ගෙන ඇති බව සඳහන්. ඒ හේතුවෙන්ම එම සත්ව කොට්ඨාසය වර්ධනය වීමේ ප්රවනතාවද ඇතිව තිබෙනවා. එහෙත් වර්තමානය වන විට කල්පිටිය ප්රදේශයේ බූරුවන් ශීඝ්රයෙන් වඳවීමේ තර්ජනයක් මතුව ඇති බවයි ජනතාව පවසන්නේ. එම ප්රදේශවල තිබූ විශාල තෘණ භූමි විනාශ කිරීම මීට ප්රධාන හේතුවක් වී ඇති බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. කල්පිටිය නගරය ජනාකීර්ණවීමත් සමග ඉවත ලන පොලිතින් පරිසරයට බැහැර කිරීමෙන් ඒවා ආහාරයට ගන්නා මෙම සත්වයන් මිය යාමේ ප්රවණතාවද ඉහළ ගොස් තිබෙනවා. කල්පිටිය ප්රදේශයට ආවේණික සත්ව විශේෂය රැක ගැනීම සදහා මැදිහත්වන ලෙස ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.