උතුරේ කර්මාන්ත සංවර්ධනයට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.
සමුපකාර සමිති 50කට අයත් තෙල් මෝල්, කරවල නිෂ්පාදනය සහ පළතුරු බීම සකස් කිරිම වැනි කර්මාන්ත එමගින් සංවර්ධනයට නියමිතයි. අච්චුවේලි කර්මාන්තපුරය සඳහා පමණක් රුපියල් මිලියන සියයක් වෙන්කෙරුණා. මෙරට මත්ස්‍ය අස්වැන්නෙන් තුනෙන් එකක් පමණ ලබාදුන් මයිලෙඩ්ඩි ධීවර වරායේ සංවර්ධන කටයුතු ද මේ වනවිට අවසන් වෙමින් පවතිනවා. එය කඩිනමින් විවෘත කරන බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.