97 වන ජාතික මළල ක්‍රිඩා ශූරතාවලිය ලබන සිකුරාදා ආරම්භ වනවා. ඒ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ දීයි.
දින තුනක් පුරා පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩකයන් 490 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 160 දෙනෙකු සහභාගි වීමට නියමිතයි. මෙම ශූරතාවලියේ ඉසව්වලින් රන් පදක්කම් දිනා දකුණු අසියා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන්දියාවේ හෝ භූතානයේ දී විශේෂ පුහුණුවක් ලබාදීමටත් සැලසුම් කර ඇති බවයි ශ්‍රි ලංකා මළල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළේ.