fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ජල ගැලීම්වලින් මියගිය ගණන ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 09:43

ඉන්දියාවේ ජල ගැලීම්වලින් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 140 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර , කරනාටක සහ කේරළ යන ප්‍රාන්තවලටයි. ඉන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිනවා. විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට සහන කණ්ඩායම් 173 ක් යොදවා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. ගංවතුරින් ඇතැම් නිවාස අඩි 12 ක් පමණ යට ව පවතිනවා. පසුගිය වසරේ ඉන්දියාවට බලපෑ ගංවතුරෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්