fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන් වන රන්ද්‍යෝලි පෙරහැර අද රාත‍්‍රියේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 09:33

තුන් වන රන්ද්‍යෝලි පෙරහැර අද රාත‍්‍රියේ

මහනුවර ඇසළ පෙරහැරේ තුන් වන රන්ද්‍යෝලි පෙරහැර අද වීදි සංචාරය කරනවා. පෙරහැර මහනුවර නගරය වටා ගමන් කිරිමට නියමිත බවයි අප වාර්තාකරු කමල් සුරවීර ප‍්‍රකාශ කළේ. ඊයේ දිනයේදීද පෙරහැර නැරඹීමට අති විශාල පිරිසක් පැමිණ සිටියා.

මේ අතර මහනුවර – ඇල්ල අතර සති අන්ත මඟී ප‍්‍රවාහන දුම්රිය අද, හෙට සහ අනිද්දා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ ඇසළ පෙරහැර මංගල්‍යය සහ නිවාඩු දින දෙකක් යෙදී තිබිම හේතුවෙන්. ඒ අනූව මහනුවරින් පෙරවරු 7.15 ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 1.30ට ඇල්ලට ළඟා වනවා. ඇල්ලෙන් පස්වරු 2.15ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය රාත‍්‍රි 7.45ට මහනුවරට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්