fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරයේ ඉන්දියාව ක්‍රියාත්මක කර ඇති මර්දනකාරී වැඩපිළිවෙළ පාකිස්තාන අගමැති විවේචනය කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 16:18

කාශ්මීරයේ ඉන්දියාව ක්‍රියාත්මක කර ඇති මර්දනකාරී වැඩපිළිවෙළ පාකිස්තාන අගමැති විවේචනය කරයි

කාශ්මීරයේ ඉන්දියාව ක්‍රියාත්මක කර ඇති මර්දනකාරී වැඩපිළිවෙළ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විවේචනයට ලක්කර තිබෙනවා.

රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සන්ග් සංවිධානය හා ජර්මනියේ නාසි පාලක ඇඩොල්ෆ් හිට්ලර් අතර සමානතා ඇති බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ. ජාතිවාදය මත පදනම්ව ක්‍රියාත්මක වන දේශපාලනය තුළින් ජනතාවට දැඩි බලපෑමක් එල්ල වන බව ද ඉම්රාන් ඛාන් කියාසිටිනවා. කෙසේ වෙතත් ජම්මු හා කාශ්මීර් පොලීසිය සඳහන් කර ඇත්තේ ප්‍රාන්තයේ සාමය මේ වන විට ආරක්‍ෂා වී ඇති බවයි. ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයට ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වන වගන්තියෙන් ලබා දී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට පසුගියදා ඉන්දීය රජය කටයුතු කළා. මේ සමග ජම්මු හා කාශ්මීර් ප්‍රදේශවල ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්