බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා මේ වන විට පස් දෙනෙකු පමණ සුදානමින් සිටින බව වාර්තා වනවා.
ඒ අතර හිටපු බංග්ලාදේශ පුහුණුකරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇති චන්දික හතුරුසිංහ මහතාද සිටින බව සඳහන්. මයික් හෙසන්, ග්‍රෑන්ට් ෆ්ලවර්, පෝල් ෆාබ්‍රේස් සහ රසල් ඩොමින්ගෝ යන අය සම්බන්දයෙන් ද මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. දකුණු අප්‍රිකා හිටපු පුහුණුකරු රසල් ඩොමින්ගෝ මේ වන විටත් සම්මුඛ පරික්ෂණයකට ලක් කර ඇති අතර එහිදි ඔහු ඉදිරිපත් කළ කරුණු සම්බන්දයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැහිමකට පත්ව ඇති බව සදහන්. ඉදිරි දින කිහිපයේ දී තවත් පුහුණුකරුවන් කිහිපදෙනෙකු ද සම්මුඛ පරික්ෂණවලට ලක් කිරිමට නියමිත බව සදහන්.